පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකට උතුරේ ඉඩම් කොල්ල කනවා…

Mavai request the government to stop this unnecessary excavation immediately

Mawei-Senadhiraja

මාවෙයි සේනාධිරාජා

දිනසේන රතුගමගේ –

උතුරේ සෑම ස්ථානයකම යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් සිදු කිරීම නිසා දෙමළ ජනතාව ඔවුන්ගේ ඉඩම් අයිතිය පිළිබදව විශාල බියකින් හා ශෝකයකින් පසුවන  බවත්, මේ පළාත්වල සිදු කරණ අත්‍යවශ්‍ය නොවන කැණීම් වහාම නවතා දමන ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා   රජයෙන් ඉල්ලා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින හිටපු මන්ත්‍රීවරයා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන මෙම අනවශ්‍ය කැණීම් නිසා උතුරු පළාතේ දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවිතය ව්‍යාකූල වී ඇති බවද ඔවුන් තුළ වෛරයක් හර ගන්නා බවද සදහන් කරයි.

පුරා විද්‍යා නිලධාරීන් කෙරෙහි ඇති වන මේ වෛරය නිසා ඉදිරියේදී උතුරේ දෙමළ ජනතාව ඔවුන් සමග ගැටුම් වලට යා හැකි අතර මේ තත්ත්වය නිසා හේතුවක් නොමැතිව  ඔවුන්ට පොලීසිවල හා අධිකරණ වල කල් ගෙවීමට සිදුවන බවද  හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට මුලතිව් කුරුදුමලෙයි, යාපනය නිලාවරෙයි හා යාපනය කන්දරෝඩේ යන පළාත් වල පුරා විද්‍යා නිලධාරීන් හා දෙමළ ජනතාව අතර විශාල වෛරයක් හට ගෙන ඇති බවත් මෙය මේ අවස්ථාවෙදී සිදු නොවියයුතු දෙයක්බවත් හිටපු මන්තීවරයා ප්‍රකාශ කරණ අතර කන්දක් ගුහවක් නුග ගසක් ඇහැටු ගසක් ඇති ස්ථාන පුරා විද්‍යා ස්ථාන ලෙස නම් කරමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ගෙන යන්නේ මිනිසුන්ගේ ඉඩම් රජයේ කොන්ත්‍රාත්තුවකට අනුව කොල්ල කෑමක් ලෙස තමාටද පෙනී යන බව එම නිවේදනයේ සදහන් කොට තිබේ.

Exit mobile version