පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා කුලල් කා ගැනීම ඇරඹේ…

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ලබන 31 දා  විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩුවන තනතුර ආයතනික පටිපාටිය තුළ පුරවන්නේ නැති වීම හේතුවෙන් එම තනතුර සඳහා දැවැන්ත පොරයක් නිර්මාණය වෙමින් ඇති ආකාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

රජයේ දේශපාලන අංශත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යම් යම් කල්ලිත් තම තමන්ගේ හිතවත් පාර්ශව මෙම තනතුරට රැගෙන ඒම සඳහා දේශපාලන අධිකාරිය හා සම්බන්ධ වෙමින් විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බව වාර්තා වේ.

අචාර්ය සෙනරත් දිසානායක විශ්‍රාම ගැනීමේන් පසු එම තනතුර සඳහා දෙපාර්තමේන්තුවට පිටින් කැලණිය විශ්විද්‍යාලයේ මහචාර්ය අනුර මනතුංග පත් කෙරෙන බව පැවසුනත් මේ වනවිට මහාචාර්ය රාජ් සෝමදේව එම තනතුර සඳහා පත්කිරීම දක්වා දේශපාලන මැදිහත්වීම වෙනස් වී තිබේ.


රජයේ දේශපාලන අධිකාරියේ ජාතික වාදී  පිරීස් කැලණිය විශ්විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මෙම තනතුර සඳහා යෝජනා කර සිටිති. ඔහු පත් කරගැනීම සඳහා ඔහුට හිතවත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්  රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක හමුවීමට නියමිත බව පැවසේ. මේ අතර තවත් පිරිසක් අමාත්‍යාංශයේ සහකාර  ලේකම් ආචාර්ය  ප්‍රසාද් රණසිංහ පත් කර ගැනීම සඳහා  උත්සාහ දරමින් සිටිති.  මීට අමතරව දෙපාර්තමේන්තුවේ පිරිස් තම තමන්ගේ ගුරුකුල නියෝජනය කරන පුද්ගලයන් පත් කරගැනීම සඳහා නම් යෝජනා කරමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතිශයින්ම ගෞරවණීය වූ ශාස්ත්‍රීය තනතුරක් වන ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර දෙපාර්තමේන්තුවේ නිශ්ඡිත පටිපාටියක් මත ගලා ආ තනතුරක් වුවත් මේ වනවිට එම සම්ප්‍රදාය මුලුමනින්ම බිඳ දමා ඇති ආකාරයත්, එකිනෙකාගේ පටු දේශපාලන හා පුද්ගලික අරමුණු මත මෙවැනි තනතුරක් සඳහා පුද්ගලයෙක් පත් කරගැනීමට ක්‍රියාත්මක වන  අකාරය   අවුරුදු 130ක දෙපාර්තමේන්තු ඉතිහාසයටම නිගාවක් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදහත් පිරිස් පෙන්වා දෙති.

 

Exit mobile version