පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස් වෙයි!

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ලබන 15 වැනිදා සිට බල පවැත්වෙන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මේසේය. 

අනුරාධපුරයේ මුල් යුගය රූපණය කරන මුලතිව්  ඓතිහාසික කුරුන්දි මහා විහාරයට අයත් පුරාවිද්‍යාත්මක නටබුන් සහිත අක්කර දෙසීයක භූමියක් විද්‍යාත්මක ගවේෂණයකින් හඳුනා ගැනීමෙන් අනතුරුව එම භූමිය මැන දෙන   මෙන් මිනුම්පතිවරයාට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉල්ලීමක් කර තිබේ. හඳුනාගත් ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර 05කට වැඩි ප්‍රමාණයක් ද තිබී ඇත.

පෙරේදා  (08) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දි  ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමක් අතර එම කුඹුරු ඉඩම් කොටස ජනතාවට නිදහස් කරන ලෙස  ජනාධිපතිවරයා නියෝග කර ඇත. එවිට  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් මහාචාර්ය අනුර මනතුංග  කරුණු දක්වා ඇත්තේ  පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණයවන  රටේ නීතිය ප්‍රකාරව  එය සිදුකළ නොහැකි බවය.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති ලෙස  තමන් දෙන නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි නම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉල්ලා අස්වන ලෙසය.  ජ ඒ අනුව මහාචාර්ය අනුර මනතුංග සිය ධූරයෙන් ඉවත් වීමට තීරණ කර ඇතැයි වාර්තා වේ.


කුරුඳුමලේ පුදබිම සංරක්ෂණයට පෙර පැවති ආකාරය….

මුලතිව් කුරුන්දිමලේ විහාරය පෞරාණික නටබුන් සහිත ජනාවාස නගර කොටස විද්‍යාත්මක ගවේෂණයයකින් පසු   වෙන් කරගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරද්දී එම  භූමිය සඳහා  ජනතාවගේ පාර්ශවයෙන්  අයිතිවාසිකම් කියා තිබුණේ  අක්කර 05ක්  සඳහා පමණක් බවත් එම අක්කර 05 ද එහි හිමිකරු විසින්   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ප්‍රදානය  කිරීමට මුල් අවස්ථාවේ දි සූදානම් ව සිටි බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආංචි මාර්ග කියයි. මෙම ඉඩම් අක්කර 05 හිමි පුද්ගලයා තවත් කුඹුරු අක්කර සිය ගණනක හිමිකරුවෙක් බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නය මේ තරම් වර්ධනය වන්නේ උතුරේ වාර්ගික දේශපාලකයින් විසින් මෙම ඓතිහාසික භූමියේ විද්‍යාත්මක තහවුරුව ප්‍රශ්න කරමින් අතාර්කික සහ  අනවශ්‍ය වාර්ගික ගැටලුවක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය.

මූලික ගවේෂණයේ දී මතුවුන සෙල් ලිපි සාධක

දෙමළ දේශපාලකයින්ගේ අතාර්කක මුග්ධ බලපෑම

මුලතිව් කුරුන්දමලෙයි කැණීම් ආරම්භ කළ ප්‍රදේශය බෞද්ධ පුරා වස්තු සහිත ප්‍රදේශයක් නොවන බවත් එය හින්දු ජනතාව අනාදිමත් කාලයක  සිට වන්දනාමාන කළ ආදී අයියනාර් කෝවිලට අයත් භූමියක් බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්න්බලම්  විසින් පැවසුවේය. මේ මතවාදය වපුරුවන මේ දේශපාලකයා වටා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහිත කුඩා කණ්ඩාමයක් සිටි අතර ඔවුන් මේ ගැටලුව දේශපාලන ප්‍රශ්නයක් සේ මතුකරමින් රජයට බලපෑම් කිරීම සිදුකරමින් සිටියේය.

ඔවුන් කීවේ රජය  යුද හමුදාව හා පුරා විද්‍යා නිලධාරීන් යොදවා  උතුරේ හින්දු දහමට අයත් ප්‍රදේශ බලහත්කාරයෙන් බෞද්ධකරණයකට ලක් කිරීම වහාම නවතාලන ලෙසය.

දැනට පුරා විද්‍යා නිලධාරීන්  යුද හමුදාවේ ආරක්ෂාව ඇතිව කැණීම් ආරම්භ කොට ඇති ප්‍රදේශයේ කිසිදු කලෙක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ සිංහල ජනතාව වාසය කොට නොමැති බව   ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු දේශපාලකයෝ කීහ.

හින්දු ප්‍රදේශ බෞද්ධ උරුමයන් ලෙස හුවා දැක්වීම රජයේ බලපුලුවන්කාරකම පෙන්වීමක් හා  හින්දු දහම යටපත් කිරීමක් බවද මේ දේශපාලන කණ්ඩායම දිගින් දිගටම පැවසුවේය.

විශේෂත්වය වන්නේ මේ නිහීන දේශපාලන ප්‍රකාශවල ස්වරූපය එම දේශපාලකයින් මෙන්ම ඉතිහාසය, බෞද්ධ උරුමය, සංස්කෘතිය සහිත වටිනා පුස්තකාලයක් නිවස තුළ නඩත්තු කළ රටේ ජනාධිපතිවරයා ද මැනවින් දැනගෙන සිටීමය.

පුරාවිද්‍යා සාධක මත සංකර්ණය වුන කුරුඳුමලේ පුරාණ ස්ථූපය….

සාධනය කළ කුරුන්දිමගේ ඓතිහාසික උරුමය

උතුරු පළාත යනු ලංකාවේම කොටසකි. එම ප්‍රදේශයත් රටේ ඉතිහාසයේ රිද්මය ගලා යන රටාවට ඇතුළත්ය. කුරුන්දිමලෙයි පුාවිද්‍යා ස්ථානය  ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ලාත් රටේ ජනාධිපතිවරයාත්  නොදැන සේ මග හැර යන ජාතිවාදී මජර දේශපාලනයට එපිටින් වන සාධනීය ශාස්ත්‍රීය කාරණාවකි.

මේ ස්ථානයේ පිහිටන්නේ  වංශකතාවන්හි හා අට්ඨතාවන්හි පැනෙනා පුරාණ කුරුන්දාවශෝක විහාරයයි.  මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවති ජනාවාසකරණය සම්බන්ධව විද්‍යාත්මක සාධක සහිතව හෙළි කරන පුරාවිද්‍යා භූමි අතරින් වැදගත්ම භූමිය කුරුන්දාවශෝකාරාමය ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ ජනාධිපතිවරයා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට ඉවත්වන්නට කියා තමන්ගේ කෙනෙක් දමා වැඩේ කරගන්නම් යැයි කියන්නේ ඒ පසුබිමේ දීය.

Exit mobile version