පුතා මිය ගිය පුවත ඇසූ මවක් පපුව පැලී මිය යයි!

දිනසේන රතුගමගේ –

ගවයෙකු ඇනීම නිසා සිය එකම පුතා මරණයට පත් වූ පුවත ඇසූ වවුනියාව නෙඩුන්කේණී මයිල්වාගනපුරම් ගම්මානයේ මවක් දැඩි කම්පනය මත ඇති වූ හෘදයාබාධයකින් ඊයේ (4) දා මියගොස් තිබේ.

වයස අවුරුදු 43 ක් වූ රාජරත්නම් කනකරාජා නැමති පුද්ගලයා ගවයින්  රැළක් රැගෙන යමින් සිටියදී එක් ගවයෙකු ඇනීම නිසා ඔහුව රෝහල් ගත කොට තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ  තුවාලකරු මියගොස් ඇති අතර එම පුවත  ඇසීමත් සමගම කම්පනයට පත් වූ මව බිම ඇදවැටී මරණයට පත්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙදෙනාගේම මළ සිරුරු දෙක  නෙඩුන්කේණී මයිල්වාගනපුරම් සුසාන භූමියේදූ 6 දා සිදු කිරීමට නියමිතය.


Exit mobile version