බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුතා ඇක්සිඩන්ට් වෙලා මැරිලා නෙමෙයි… අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම කිව්වෙ අමානුෂික ලෙස පහරදීලා ඝාතනය කරලා කියලා!

by editor
සැප්තැම්බර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් හෝ විෂ දුමක් ආග්‍රහණයකින් සිදුවූවක් නොව ඔහුව දස වද දී ඝාතනය කර ඇති බව අධිකරණ වෛද්‍ය මණ්ඩලයකින් සහතික කළ බවත් එසේ තිබිය දී වසර 13ක් තිස්සේ කිසිම අපරාධකරුවෙකුට දඬුවමක් නොලැබුන බවත් වසීම් තාජුඩීන්ගේ මාමාවන  ෆයාස් ලතීෆ් මාධ්‍ය හමුවේ ඊයේ (28) කියා සිටියේය.

ඔහු මේ ඛේදනීය සිදුවීම ආවර්ජනය කළේ මෙසේය.

එයා මගේ ලොකු අක්කගේ පුතා. 2012 මැයි මාසේ 17 වැනිදා  ඉවර වෙලා  පාන්දර වගේ  කොළඹ ඉන්න මගේ සහෝදරයා කතා කළා. එතකොට මම නිදි. මම ආන්සර් කළා.  කිව්වා මල්ලියේ… වසීමගේ වාහනය ඇක්සිඩන්ට වෙලා. ඔයා එන්න කොළඹට කියලා.

මගදි එනකොට අයියා කිව්වා වසීම් නැතිවෙලා කියලා. මම එහෙම්ම ඇවිල්ලා කෙළින්ම ගියෙ අනතුර සිද්ධ වෙච්චි ස්ථානයට.  ඒ ඇක්සිඩන්ට් එක දැක්කම පුදුමයි එවැනි රිය අනතුරකින් මෙවැනි ජීවිතයක් නැති වෙනෙවද  කියලා.

පොඩි ඩැමේජ් එකක් තමයි කාර් එකේ තිබුණේ. මට ඒක ප්‍රහේළිකාවක්. වාහනය ඇතුළෙ තමයි පුතාගේ  මරණය තිබුණේ.  මරණය තිබුණෙ රියදුරු අසුනේ නොවෙයි… අනික් පැත්තේ.  මමත් මගේ යාලුවො දෙන්නෙකුත් තමයි වාහනේ දොර කඩලා මරණය අරන් මෘත ශරිරාගාරයට යැව්වේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

මරණ වාර්තාවේ තිබුණෙ බීමත්කමින් අධික වේගයෙන් රිය පදවල ගිහිල්ලා ඒක ගිනි අරන් එකේ තියන විෂ දුම ආග්‍රහණය කරලා පුතා නැති වෙලා කියලා. අධික වේගයෙන් ගියා නම් ඒ කාර් එකේ ඇකිස්ඩන්ට් එක මීට වඩා වෙනස් වෙන්න ඕන.

යහපාලනය එනකොට වසීම් තාජුඩීන් ඝාතනය ප්‍රසිද්ධ වේදිකාවල ප්‍රසිද්ධම ට්‍රොෆික් එකක් වුනා. අපේ මිනිස්සු යහපාලන ආණ්ඩුවට සියයට අනුවක් ඡන්දය දීලා පත් කරගත්තා. යහපාලන ආණ්ඩුවෙන් යම් දුරකට වැඩ සිද්ධ වුනා. මරණය ගොඩ අරන් නැවත පරීක්ෂණයක් කරන්න පවුලෙන් අවසර ඉල්ලුවා. අපි අවසර දුන්නා. උසවියෙන් නියෝග කළේ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් මේ මරණ පරීක්ෂණය කරන්න.

ඒ අය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තාව දුන්නා. එකේ  තිබුණා බීමත්කමින්වත් විස දුම ආග්‍රහණය කළ  නිසාවත් සිදුවන මරණයක නෙමෙයි, දස වද දීලා දරුවව මරලා කියලා. ඇයි මේක කරන්නේ. ඒ දරුවා රගර් ක්‍රීඩකයෙක්. අදටත් අපට උහුලා ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ මව ඉන්නේ තවමත් මානසික පීඩනයකින්.

කිසිම ආණ්ඩුවකින් මේකට විසඳුමක් ලැබුණෙ නෑ. අපට අධිකරණය ගැන පූර්ණ විශ්වාසයක් තියනවා. වත්මන් රජයවත් පමා වෙලා හෝ අවුරුදු 13කට පස්සෙ හරි මේ නඩුව අරගෙන මේක කරපු වැරදි කරුවන්ට  දඬුවම් ලබා දිය යුතුයි කියන විශ්වාසයේ අපි ඉන්නවා.

මේ රජයවත් මේක කළේ නැතිනම්  ආයේ අපට කිසි බලාපොරොත්තුවක් නෑ මේක කරයි කියලා…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසිය පාතාලයට පාවා දුන් පොලිස් තක්කඩියන් සොයා පොලිස්පති අණින් විශේෂ විමර්ශනයක්!

Next Post

ජනපති අද ජපාන අගමැති හමුවෙයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.