පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි පුත්තලම කාති උසාවියේ විනිසුරුට දියණියගේ නිවසට ගෙන්වා පහර දීලා… කාති උසාවි විනිසුරු රෝහලේ!

මුස්ලිම් ජාතික සංවිධානයේ  පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි සහ ඔහුගේ බෑණනුවන් විසින් ඊයේ (26) රාත්‍රියේ තමන්ට  පහර දුන් බව සඳහන් කරමින්  පුත්තලම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර   පුත්තලම් කාති උසාවියේ විනිශ්ඡයකාර මොහොමඩ් රහමතුල්ලා මොහොමඩ් පුත්තලම රෝහලට ඇතුළත් වී තිබේ.

කාති උසාවියේ විනිශ්ඡයකාරවරයාට අලි සබ්‍රි මන්ත්‍රීවරයා සහ ඔහුගේ බෑණනුවන් විසින් පහර දී තිබෙන්නේ ඔහුව අලි සබ්‍රි මන්ත්‍රීවරයාගේ දියණියගේ නිවසට ගෙන්වීමෙන් පසුව බව පහර කෑ තැනැත්තා පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ අතර  පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි ද පුත්තලම පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් දමමින් පවසා ඇත්තේ තමන් සහ පුත්තලම කාති උසාවියේ විනිශ්ඡයකාර මෙහොමඩ් රහමත්තුල්ලා මෙහොමඩ් සමග සුහද සාකච්ඡාවක් අතරතුර ඔහු විසින් තමන්ට පහර දුන් බවය.

පහරකෑම නිසා  තමන්ගේ පපුව රිදෙන බව කියමින් මන්ත්‍රීවරයා රෝහල්ගත වීමට අවශ්‍ය බව කීව ද අද  උදේ වනවිට ඔහු රෝහල්ගත වී නොතිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version