පී.සී.ආර් සඳහා දිනකට වැයවන රුපියල් කෝටි 10 එන්නත්කරණය නිසා ඉතිරි කර ගත හැකියි…

වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනකටයුතු  රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

ANI_20200407174

නතාෂා නෙත්මිණි                                                    

දිනකට පීසීආර් පරික්ෂණ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන 100ක මුදලක් වැය කරන බැවින් එන්නත් කිරිම ආරම්භ කිරීමෙන් පසුව පීසීආර් සදහා වැය වන මුදල සම්පුර්ණයෙන්ම ඉතිරිකර ගැනීමට හැකිවනු ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනකටයුතු  රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

පීසීආර් පරික්ෂණයන් සදහා වැය වන මුදල එක් පුද්ගලයෙකුට එන්නත් වාර දහයක් පමණ දීමට වැය වන මුදලට සමාන යැයිද වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් කොවිඩ් මර්දන එන්නත් වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සියලුම කටයුතු කරන බවද විශේෂඥවරයා සදහන් කරයි.


Exit mobile version