පී.සී.ආර්. වාර්තා එනතුරු මළ සිරුරු තැබීමට කොළඹට අධිශීත කන්ටේනරයක්

කොවිඩ් පවතින බවට තහවුරු කිරීමට පෙර හදිසියේ මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බොහෝ රෝගීන් පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීම හේතුවෙන් කොළඹ මෘත ශරීරාගාරයේ මෘත දේහ වැඩි කාලයක් තබා ගැනීමට සිදුව ඇති බැවින් අතිරේක මෘත ශරීරාගාර පහසුකම් තාවකාලිකව නිර්මාණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් මෘත ශරීරාගාරය අසල අඩි 40 අධි ශීත කන්ටේනරයක් ඊයේ ස්ථාපිත කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේදී ඊට ගත වන කාලය වැඩි බැවින් හදිසියේ සිදුවන මරණ නිසි ලෙස ගබඩා කිරීමේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් නිර්මාණය වූ අතර මිය ගිය පුද්ගලයන්ට ගරුත්වයක් සැලසෙන පරිදි මෙන්ම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සම්න්ධයෙන් කටයුතු කිරීමේදී පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.


Exit mobile version