පී.සී.ආර් වලට වෙට්ටු දාන අටලුගම උදවියගේ මාරක සෙල්ලම නවත්වන මෙහෙයුමක්…

පී.සී.ආර් මග හරින හෝ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ව්‍යාජ ලිපිනයන් ලබා දෙන බණ්ඩාරගම අටලුගම පදිංචි පුද්ගලයන් වෙත නව නිරොධායන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට එවැනි පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා පොලිස් බලය පාවිච්චි කරමින් ආරක්ෂක අංශ හා ග්‍රාම නිලධාරීවරුන්ගේ සහය සහිතව  සෞඛ්‍ය අංශය  ක්‍රියා කරමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කළ පුද්ගලයන්   එම සාම්පල ලබා දීමේ දී    වැරදි නම් සහ ලිපිනයන් ලබා දීම නිසා ආසාදිතයන් සොයා ගත නොහැකි බරපතල අර්බුදයකට ඊයේ (21) ආරක්ෂ අංශ මුහුණ දුන්නේය.  ඊයේ (21)  දින මෙම පී.සී.ආර් පරීක්ෂණ මත ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 17 දෙනකු අතරින් 16 දෙනකු මහත් වෙහෙසක් දැරීමෙන් පසුව හඳුනාගෙන රෝහල් කරා යොමු කරන්නට සිදු විය.


 

 

Exit mobile version