පී.එච්.අයි මහත්වරුන් දස දෙනකුට මරණ තර්ජන

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

ජීවිතය පරදුවට තබා කොවිඩ් වසංගතයට එරෙහිව ක්ෂේත්‍ර රාජකාරියේ යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට මරණීය තරජන එල්ල වෙමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දස දෙනෙක් වෙත මේ ආකාරයෙන් මරණීය තර්ජතන එල්ල වී ඇතැයි ද ඔවුන් මේ වනවිට අදාල සිදුවීම් සම්බන්දව පොලිස් පැමිණිලි කර ඇතැයි ද උප සභාපතිවරයා වැඩි දුරටත් කීය.

මහර සෞඛ්‍ය වෛද්‍යා කොට්ඨාසයෙන් එවැනි මරණීය තර්ජන 3ක්, කටානින් 02ක්, දිවුලපිටියෙන් 2ක්, මිනුවන්ගොඩින් 3ක් ලෙස මෙවැනි තර්ජනය කිරීම් වාර්තා වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනටය සිය ඥාතීන් රැගෙන යෑමේදී අසාදිතන් සමග රැගෙන ගිය බවට චෝදනා කරමින් ද, තමන් ආසාදිතයන් නොවී නිරෝධායනයට යොමු කළ බව කියමින් ද, ලෙඩක් නැතිව සිටිය දී අනවශ්‍ය ලෙඩ දැමූ බව කියමින් ද, පී.සී.ආර් පරීක්ෂණ වෙත යොමු කර අනවශ්‍ය ප්‍රශ්න ඇති කළ බව කියමින් ද මෙසේ මරණ තර්ජන එල්ල කරමින් සිටින බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක පැවසීය.

Exit mobile version