පිළිකාකාරක පොල්තෙල් මෙරට වෙළෙඳපොළට ගිය තැන් ගැන හෙළිවෙයි

ඇප්ලටොක්සීන් නැමති විෂ සහිත දීලීරය අන්තර්ජගත බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහවුරු කරන ලද විදේශ රටවලින් ගෙන්වා බෙදා හරින ලද ලද ආදේශක තෙල් කිලෝ ග්‍රෑම් 273000න් සැලකිය යුතු තොගයක් මහනුවර ප්‍රදේශයට සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයකට බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා අද අනාවරණය කළේය.

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ‘ටෘත් විත් චමුදිත’ යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් බුද්ධික ද සිල්වා මහතා මේ අනාවරණය අද සිදු කළේය.

එහිදි චමුදිත සමරවික්‍රම විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් බුද්ධික ද සිල්වා මහතා මෙසේද පැවසීය.


“ශ්‍රි ලංකාවට පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවල තෙල් ටොන් 30,000ක් ඇවිත් තිබෙනවා. එයින් කන්ටේනර් හඳුන ගත්ත කන්ටේනර් 13ක් තියෙනවා. මෙම කන්ටේනර්වල තිබුණු පොල්තෙල් දළ වශයෙන්. කිලෝ 273000ක්. ඒවා මේ වනවිට රට තුළ බෙදා හැරලා. අපට තොරතුරු ලැබී ඇති ආකාරයට මෙයින් වැඩි ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයටත් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකටත් ගිහින් තිබෙනවා.

සාමාන්‍යයෙන් ලෝක වෙළෙඳපොළේ පොල් තෙල් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 1900කට වැඩියි.එත් මේ පොල්තෙල් ලංකාවට ගෙන්වලා තිබෙන්න් ඩොලර් 1300කට 1400කට. කොහොමද පිරිසිදු පොල් තෙල් එච්චර අඩුවට ගේන්නේ. එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. මේ එන්නේ පිරිපහදු කරන ලද පාම් තෙල්. ඒවා ප්‍රති අපනයනයට කියල බදු සහන අරන් ගේනවා. ඒවා මෙරට වෙළෙඳපොලට නිකුත් කරල මෙරට නිෂ්පාදනය වන පොල් තෙල් අපනයනය කරනවා.

බදු සහන යටතේ ගේන පොල්තෙල් වැඩි මිලට අපේ අහිසංක ජනතාවට විකුණනවා. එක අතකින් මෙයින් කැල්කියුලේටරේක ගහන්න බැරි තරම් ඉලක්කම ගණනක බදු වංචාවක් සිදුවෙනවා. අනෙක් අතින් ජනතාවට මරණයට කැන්ඳන විෂකාරක සහිත බාල තෙල් අපේ දරුවන්ට කවනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොල්තෙල් ලූස් ලෙසින්ද ඇතැම් ප්‍රසිද්ධ සන්නාම වශයෙන්ද වෙළෙඳපොලේ තිබෙනවා. මේ මහා වංචාව පසුපසත් ඉන්නේ පසුගියදා කතා කරපු සීනි බදු වංචාව පසුපස සිටි පුද්ගලයන්ම බව පැහැදිළියි. අද ශ්‍රි ලංකාවට වැඩියෙන්ම ආහාරමය තෙල් ගේන්නේ ඔවුන්. “
එමෙන්ම බුද්ධික ද සිලවා මහතා තවදුරටත් සඳහන් කළේ මෙය හුදෙක් මාෆියාවක් නොවන කොටි සංවිධානයටත් වඩා බියකරු මිනිමරු සංහාරක ත්‍රස්තවාදියක් බවය.

Exit mobile version