පිස්සු නරි රැළක් නිසා යාපනයම භීතියෙන්

දිනසේන රතුගමගේ

පිස්සු රෝගය වැළදුණු නරි රැළක් නිසා යාපනයේ චෙම්මනි, නල්ලූර් ඇතුලු පළාත් ගණනාවක වැසියෝ මේ දිනවල බියට පත්ව සිටිති.

පිස්සු රෝගය වැළදී ඇති නරි එම පළාත් වලත් යාපනය මහනුවර ඒ-9 මාර්ගයේත් තැනින් තැන සැරි සැරීම නිසා කුඩා ළමයින් නිවෙස් වල තනිවම තබා යාමත් පාසල් යැවීමත් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි යාපනයේ වැසියෝ කියා සිටිති.


මේ නිසා පිස්සු නරින්ගෙන් ආරක්ෂාවීම සදහා ගම්වැසියෝ දඩු මුගුරු හා පිහි වැනි ආයුධ රැගෙන ගමන් බිමන් යාමට පටන් ගෙන තිබේ.

කැළයේදී පිස්සු රෝගය වැළදෙන නරි ගම්මාන වලට කඩා වැදෙන්නේ බල්ලන්ට සපා කෑමටය.නමුත් ඒ අතරවාරයේ හමුවන ඕනෑම අයෙකුට පිස්සු රෝගය වැළදුණු නරි සපාකයි.

පිස්සු රෝගය වැළදුණු නරි බල්ලන්ට සපා කෑමෙන් පසුව බල්ලන්ට පිස්සු බලු රෝගය හෙවත් ජලභීතිකා රෝගය වැළදෙයි.

මේ වන විට මන්නාරම යාපනය මුලතිව් යන පළාත් වලින් පිස්සු බලු රෝගය වැළදුණු තුන් දෙනෙකු මියගොස් තිබේ.
උතුරේ ගොවීන් සිය කුඹුරු වලට භාවිත කරණු ලබන අධික සැර හා විෂ සහිත රසායන ද්‍රව්‍ය කුඹුරේ සිටින කක්කුට්ටන් ට ශරීර ගත වීම නිසා කක්කුට්ටන් අනුභව කරණ නරි මියයාම සීඝ්‍රයෙන් සිදුවීම නිසා උතුරේ නරි ගහණය ඉතා බෙහෙවින් අඩු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නරි ගහණය අඩු වීම නිසා මොණර ගහණය වැඩි වී ඇත්තේ මොණරුන්ගේ බිත්තර අනුභව කිරීමට නරින් නොමැති නිසා බව ගොවීන් පැවසුවත් උතුරේ ඉතිරි වී සිටින නරින්ට පිස්සු රෝගය වැළදීම නිසා එම ප්‍රශ්නය ඉතාම බියකරු ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

Exit mobile version