පියා සමග දරු තිදෙනා මරා දමා පලා ගිය ටිපර් රියදුරා රිමාන්ඩ්

දිනසේන රතුගමගේ

අනතුර සිදුවී තිබුණු අයුරු

කිළිනොච්චියේ පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී පියෙකුට සහ පුතුන් දෙදෙනෙකුට මරු කැඳවා පලා ගොස් සිටි ටිපර්  රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව  අප්‍රේල් මස 8 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කිළිනොච්චි මහේස්ත්‍රාත්වරයා අද (28) නියෝග කළේය.

අධික වේගයෙන්  ධාවනය කළ ටිපර් රථයක්  මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක ගැටීම නිසා එහි ගමන් කරමින් සිටි පියකු හා පුතුන් දෙදෙනෙකු සිද්දිය වූ ස්ථනයේදීම මියගොස් තිබුණේ පසුගිය 26 දා රාත්‍රී 9  ට පමණය.

ඒ අවස්ථාවේදී ටිපර් රථයේ රියදුරු පලා ගිය අතර පලෙයි පොලීසිය විසින් ඔහුව ඊයේ  (27)  අත් අඩංගුවට ගත්තේය. අනතුරුව අද (28) කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේදී  මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවූයේය.


මේ අනතුරෙන් මියගොස් ඇත්තේ පලෙයි ධර්මකේණී ප්‍රදේශයේ අලගරත්නම්  සත්කුණම් (38) පියා සමග ඔහුගේ සත්කුණම් සාරාංගන් (14) හා සත්කුණම් සාරුජන් (11) නැමති පුතුන් දෙදෙනායි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version