නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ –
නුවරඑලිය පිදුරුතලාගල රක්ෂිතයට ඇතුලු වී අවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින් විසින් අද (25) දින නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා වෙත ඉදිරිපත් කර තිබිණි.
එම සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා දඩුවම් ලබා දීමට ඔක්තොම්බර් (16) වන දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය .
සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් (07) වන දින පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් ප්‍රදේශයට ඇතුලු වී කඳවුරු බැඳ කඳවුරු අවට ගිනි මැළ දල්වා සිටින බවට නුවරඑලිය අඩවි වන කාර්යාලයේ නිළධාරින්ට තොරතුරක් ලැබි තිබිණි. එම තොරතුර මත වැටලිමක් සිදුකර පිරිස අත් අඩංගුවට ගත් නිලධාරීහු පසුව ඔහුන් ඇප මත මුදාහැර තිබුණහ.
අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 26 දෙනා අතර තරුණියන් දෙදෙනෙකුද සිටින බවත්, එම සැකකරුවන් ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක පිරිසක් බවත්, එම පිරිස මුහුණු පොත හරහා හදුනා ගත් පිරිසත් බවත් අනාවරණය වි ඇත.







