පිදුරංගල වැඳ එද්දී ඇතිවූ  හෘදයාබාධයකින් ස්කොට් ජාතිකයෙක් මිය යයි!

dead-body

මනම්පිටිය නිමල් ජයරත්න –  

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ, සීගිරිය පිදුරංගල විහාරස්ථානයේ සිට නවාතැන් ගෙන සිටි හබරණ ප්‍රදේශයේ හෝටලයට පැමිණෙමින් සිටි ස්කොට්ලන්ත ජාතිකයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (09)  මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ 01 A ටැන්ට් ලොග් ටෙරස්, උතුර බල්වික්, ඊස්ට් ලෝකියන් EH 394LE ස්කොට්ලන්ඩ්, ලිපිනයේ පදිංචිව සිටි හැටපස් වියති, විල්කි  ජමීස් මිල්ස් නැමැති ස්කොට්ලන්ත ජාතිකයෙකු බව පරීක්ෂණ පවත්වන හබරණ පොලිසියේ සඳහන් කරයි.

පසුගිය 04 වෙනිදා සංචාරයක් සඳහා ඔහු තම බිරිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම යුවළ පසුගිය 09 වෙනිදා සීගිරිය පිදුරංගල විහාරස්ථානයේ සංචාරය  කර රාත්‍රියේදී නවාතැන් ගන්නා හෝටලයට පැමිණ මින් සිටිය දී මෙසේ රෝගාතුර වී ඇත.

සංචාරකයාගේ  පපුවේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් ඔහු හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.


ඔහුගේ මළ සිරුර හබරණ රෝහලේ තැන්පත් කර තිබෙන බවද පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

Exit mobile version