පිට පිට තුන් වතාවක් වටලාත් මට්ටු නොවූ රාජගිරියේ ගණිකා නිවාසය සිවුවන වරටත් වටලයි..

කීර්ති ප්‍රනාන්දු –

පවතින තහනම නොතකා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය නගර මධ්‍යයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සිවු වතාවක් පිට පිට වැටලීම් කළත් නොනවත්වා පවත්වාගෙන ගොස් ඇති බවත් සිවු වන වතාවේ කළ වැටලීමක දී කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.

සංචරණ සීමා පැවති ඉකුත් කාලය තුළ තුන් වතාවක් මෙම ගණිකා නිවාසය වටලා කාන්තාවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ද වැලිකඩ පොලිසිය පැවසීය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගත තත්වය හමුවේ සම්භාහන මධ්‍යස්ථාන විවෘත කිරීම තහනම් කිරීම රජය මගින් සිදුකර තිබිය දී මෙම ගණිකා නිවාසය නැවත වරක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යන හිමිකරු වෙනත් ස්ථානයක සිට දුරථනය ඔස්සේ ගණිකා ජාවාරම සිදු කරගෙන යන බවත් අන්තර්ජාලයයේ විශේෂ ඇප් එකක් හරහා කාන්තාවන්ගේ ඡායාරූප හා තොරුතුරු ලබා දෙමින් එම කාන්තාවන්ගේ සේවය අවශ්‍ය අයගෙන් ඩිජිටල් බැංකු පහසුකම් හරහා මුදල් ලබාගෙන දිනය වේලාව හා ස්ථානයක් ලබා දෙමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

අත් අඩංගුවට පත් කාන්තාවන් රාගම කෑගල්ල ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි හා 22 හැවිරිදි අය බව පොලිසිය කියයි. ඔවුන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනා බොරලැස්ගමුව හා අලුත්කඩේ ප්‍රදේශවල පදංචි 47 හැවිරිදි හා 26 හැවිරිදි පුද්ගලයන්ය.

Exit mobile version