පිටිගල ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 02ක් අත් අඩංගුවට…

පසුගිය 11 වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ අපරාධ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ. 

පොලිසිය පවසන්නේ  එම අපරාධය සැලසුම්ක කළ සැකකරුවෙක් සහ ඊට අනුබල දුන් සැකකරුවෙක් මෙසේ ඊයේ (16) තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම පුද්ගලයින් දෙදෙනාමම තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයින් සමග අපරාධයට යොදා ගත් බවට සැකකරන දුරකථන 03ක් සහ යතුරුපැදි 02ක් විමර්ශන අංශ භාරයට ගෙන තිබේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා මෙම අපරාධය සිදු කර තිබිණි.


 

Exit mobile version