පෑලියගොඩින් ඇරඹුණු මාළු පොකුරේ මුල ඉන්දීය ධීවරයන් හා කළ නීති විරෝධී ජාවාරම් ද?

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය මුල් කරගෙන ධීවර ප්‍රජාව අතර පැතිරී යන කොවිඩ් ආසාදිතයන්ගේ පොකුර ඇති වූයේ ගැඹුරු මුහුදේ දී ඉන්දීය ධීවරයන් හා සිදුකළ නීත්‍යානුකූල නොවන ගනුදෙණු වල ප්‍රතඵළයක් ලෙසින් දැයි සෞඛ්‍ය අංශ තුළ බරපතල සැකයක් ඇති වී තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පී.සී.ආර්. පරීක්ෂණ

පිට පළාත්වලින් හමුවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොය යෑම් දී එක්  කළෙරක් පෑළියගොඩ   මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය බව හඳුනාගෙන කළ මුල්ම නියැදි පරීක්ෂණයේ දී සියයට පනහක්ම ආසාදිතයන් සේ වාර්තා වීම නිසා මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමිණි. අනතුරුව සිදුකළ සෑම පී.සී.ආර් පරීක්ෂණ වාරයකින්ම විශාල ප්‍රතිශයක් ආසාදිතයන් වාර්තා වූයේය.

දිවයිනේ සෑම ප්‍රදේශකින්ම පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය අස්වැන්න ලැබෙන බැවින් වෛරසය මේ භූමිය තුළ සාන්ද්‍රණය වීමේ වැඩි ඉඩ කඩක් තිබුණු බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.


ඊයේ (25) වනවිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ඍජුව සම්බන්ධ වූවන් අතරින්  කොවිඩ් ආසාදිතයන්   733ක් වාර්තා විය.

ඒ උපකල්පනයට එළඹිය හැකි උදාහරණ තිබේ.  මීට පෙර ඉන්දීය ධීවරයන් හා එක්ව කළ ධීවර කටයුතු නිසා මන්නාරමේ ධීවරයෙක් හා වඩමරච්චි ධීවරයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් වුනේය.

මීට දෙසතියකට පමණ පෙර එම සිදුවීම වාර්තා විය.  ඉන්දීය ධීවරයන් සිවු දෙනෙක් හා මන්නාරමේ ධීවරයන් සිව් දෙනෙක් එක්ව නීති විරෝධී මුහුදු කූඩැලලන් ඇල්ලීමේ ජාවාරමක් කළෝය.

මේ ධීවරයන් සිවු දෙනා ඊලඟ දිනයේ  නොපැමිණි බැවින් මන්නාරමේ ධීවරයින් සිවු දෙනා  වඩමරච්චි ධීවරයින් පස් දෙනෙක් සමග එක්ව යළිත් මේ ජාවාරම කළහ.

පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පී.සී.ආර්. පරීක්ෂණ

මන්නාරමේ ධීවරයින් හා මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ඉන්දීය ධීවරයින්ගෙන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතන් බව තමිල්නාඩු සෞඛ්‍ය අංශ යාපනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දුන්නේය. ඒ තොරතුරු ලබා ගත් බුද්ධි අංශය උතුරේ සියලුම ධීවර සංගම් දැනුවත් කර ඔවුන් හා ගනුදෙණු කරනු ලැබූ මන්නාරමේ ධීවරයින් සිව් දෙනා සොයා ගත්තේය. පසුව ඔවුන් හා දෙවන දිනයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ  වඩමරච්චි ධීවරයින් පස් දෙනා සමග 9 දෙනාම නිරෝධායනය කළහ.

මේ නිරෝධායනය කළ නව දෙනාගෙන් 3 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි හෙළි නොවුණු ගනුදෙනු කෙතෙකුත් තිබිය හැකි බවත්, මේ නීති විරෝධී හැසිරීම් නිසා මන්නාරමේ ගම්මාන තුනක් තාවකාලිකව වසා දැමූ බවත් සෞඛ්‍ය අංශ පවසන්නේය.

 

Exit mobile version