පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල යලි විවෘත කිරීමට සූදානම්…

peliyagoda Fish Market

සිල්ලර වෙළදාම සම්පුර්ණයෙන්ම නවත්වා, තොග වෙළඳාම ආරම්භයේ දී සියයට 25ක් දක්වා පවත්වාගෙන යමින් සෞඛ්‍ය නීති රීති නිසි ලෙස පවත්වාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යලි විවෘත කිරීම සඳහා කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානනන්ද පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට කොවිඩ් වසංගතය පැතිරීමට හේතුව සෙවීමට ධීවර අමාද්‍යාංශය විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබිණි.

එම විශේෂඥ කමිටුවේ ප්‍රධානී වෛද්‍ය මනෝජ් පීරිස් පවසා තිබුණේ විමර්ශනයේ දී හඳුනාගත් විශේෂ කරුණු 08ක් ඇති බවය. එම කරුණු සමබන්ධව අවධානය යොමු කරමින් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය විවෘත කරන බවත්, නාගරික සංවර්ධන අධිකාරිය හා එක්වී ඊට නව පිවිසුම් මගක් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


,

 

 

Exit mobile version