රන්ජන්ගේ අවනඩුව ඇතුළු පැමිණිලි ගොඩක් අරන් මනූෂ – හරීන් ජගත් මානව හිමිකම් කවුන්සිලයට

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබේ.

ඒ බන්ධනාගාරගත කර සිටින ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක වෙනුවෙන් සහ මෙරට තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එම කවුන්සිලය දැනුවත් කිරීමට බව ඔවුහු පවසති.

ඒ පිළිබඳ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පළ කළ අදහස් පහත දැක්වේ.


“ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අත් නොහල හැකි වගකීමක්. දූෂණයට, වංචාවට එරෙහිව අදහස් ප‍්‍රකාශ කරන භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නේ අත් හල නොහැකි වගකීම ඉටු කරමින්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දූෂණයට වංචාවට එරෙහිව හඩ නැගූ රංජන් රාමනායක මන්ත‍්‍රීවරයා නිදහස් කරගැනීමේ ඉල්ලීමත් රැගෙන ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීතුමාත් මමත් පැමිණියා.” යැයිද මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version