පැන්ඩෝරා පත්‍රිකා ගැන අහන්න තිරු නඩේසන් අදත් අල්ලස් කොමිසමට ගෙන්වයි!

නිමන්ති රණසිංහ

හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරු නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (15) පැමිණ තිබේ.

උදෑසන 10.00ට පමණ අල්ලස් කොමිසමට පැමිණී ඔහු, මේ වන විටත් සිය ප්‍රකාශය ලබා දෙමින් සිටින බව එහි ප්‍රකාශකයකු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් පළමුව අල්ලස් කොමිසමට ගොස් තිබුණේ ඉකුත් 08 වැනිදාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් (06) පෙරවරුවේ කළ දැනුම් දීම මත තිරු නඩේෂන් මහතා කොමිසම හමුවට කැදවීමට තීරණය කර තිබූ බව අල්ලස් කොමිසම සදහන් කළේය.

 

Exit mobile version