පැතිරෙමින් යන නව කොවිඩ් ප්‍රභේදය මංගල අවමංගල චක්‍රලේඛ වෙනස් කරයි!

නතාෂා නෙත්මිණි –                                            

මංගල අවමංගල්‍ය අවස්ථාවන් ඇතුළු උත්සවයන් සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛණයන් සංශෝධනය කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ අවධානය යොමුව ඇත්තේ මේ වන විට බ්‍රිතාන්‍ය තුළ වේගයෙන් පැතිර යන නව කොවිඩ් වෛරසය ප්‍රභේදයන් මෙරට ප්‍රදේශ කීපයකින් වාර්තා වීමත් සමග යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස‍ෙගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ කොවිඩ් වෛරසය ආසාදනය වූවන් වැඩි වශයෙන්  පසුගිය දිනවල දී වාර්තා වුයේ මංගල්‍ය අවස්ථාවන් වල දී බැවින් එයට සහභාගිවන පිරිස සීමා කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා පැවැත් වූ නමුත් අවසන් තීරණයකට නොපැමිණි බවය.


 

Exit mobile version