පාස්කු ප්‍රහාර කාලයේ ගෙන්වූ කඩුකිනිසි භාරයට ගන්න පොලිස්පතිට උපදෙස්

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ කාල වකවානුවට අදාළව සහ පෙර හා පසුව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද කඩු, කිනිසි හා ඒ හා සමාන ආයුධ භාරයට ගන්නා ලෙස නීතිපතිවරයා අද(10) පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සමකට අදාළව නීතිපතිවරයා එම උපදෙස් දී ඇත.

ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 26 වැනි දාට පෙර තමන් වෙත භාර දෙන්නැයි ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.


විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද එවැනි ආයුධ සඟවා තබාගෙන හා ගබඩා කර ඇති ස්ථාන මෙන්ම ඒවා සන්තකයේ තබා ගෙන හා බෙදා හැරී ස්ථාන ද හඳුනා ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ආයුධ ආනයනයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන ලෙස ද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

Exit mobile version