පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙකුගේ පියා කෝටිපති  ඊබ්‍රහීම් ඇප පිට නිදහස්,..

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ තවත් විත්තිකරුවකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

මොහොමඩ් ඊබ්‍රහීම්  අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම නියෝගය නිකුත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇප මත මුදාහැරීමට නියෝග ලද අනෙක් විත්තිකරු මොහොමඩ් හිජාස් නැමැත්තෙකි.

Exit mobile version