පාස්කු කොමිසමේ සාක්ෂි බලන්න හිටපු ජනපති මෛත්‍රී කොමිසමට එයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම වෙත මීට ස්වල්ප වේලාවකට පෙර පැමිණ තිබේ.

ඒ කොමිසමේ සාක්ෂි විභාගය නැරඹීම සඳහායි.

පසුගිය දිනවල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම වූ කොමිසමේ සාක්ෂි මගින් අනාවරණය විය.


හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රාජ්‍ය බුද්ධි සේවය හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු කිහිප දෙනෙකුගේ ප්‍රකාශ මගින් එම කරුණු හෙළි විය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද හිටපු ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පාස්කු කොමිසමේ විමර්ශන ඒකකය විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මීට පෙර කැඳවා තිබුණි.

එහෙත් තමාට විමර්ශනයකට පැමිණිය නොහැකි බවත් තම නිවසට පැමිණ ප්‍රකාශය ලබා ගන්නා ලෙසත් දැන් වූ ඔහු පැජට් පාරේ පිහිටි නිවසට විමර්ශන කණ්ඩායම පැමිණි පසුව ප්‍රකාශ ලබාදී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර අද පාර්ලිමේන්තුව වෙත විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම මේ වන විට සිදුවේ.

Exit mobile version