පාස්කු කොමිසමේ වැඩ අවසන්ව යළි පොලිසියට ගිය එස්.එස්.පී වැඩක් නැතිව මුල්ලකට දමයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.සේරසිංහ මහතා යළිත් පොලිසියට අනුයුක්ත කර ඇතත් කිසිදු කාර්යයක් නොපවරා ඔහු පොලිස් රෝහල වෙත අනුයුත්ක කිරීම පිළිබඳව පොලිසියේම ඇතැම් අංශ විමතිය පළ කරයි.

පාස්කු කොමිසමේ විමර්ෂණ අංශයට අනුයුක්ත කිරීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරියකුව සිටි මෙම පොලිස් අධිකාරීවරයා සාර්ථක විමර්ශෂණ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයකු බව සදහන් වේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ නිති විරෝධී ඉඩම් ගනුදෙනු පිළිබඳව විමර්ශෂණ ඇතුළු විමර්ෂණ ගණනාවක් සාර්ථකව සිදුකළ දක්ෂ නිලධාරියකු බව පැවසේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම 31 වැනිදායින් පසුව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂණය කිරීමේ ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් වන මෙම නිලධාරියා ද පසුගිය කාලය තුළ ඊට අදාළ විමර්ශෂණවලට සක්‍රිය ලෙස සම්බන්ධ වූ පුද්ගලයෙකි. එසේ වුවද ඔහු යළි පොලිස් සේවයට එක්කර ගැනීමේදී කිසිදු නිල රාජකාරී වගකීමක් බාර නොදීමට පියවර ගෙන ඇත.

Exit mobile version