පාස්කු කොමිසමේ නිර්දේශවලට එරෙහිව බොදුබල සේනා සත්‍යග්‍රහයකට සැරසෙයි..

11 දා සිට දීප ව්‍යාප්ත විරෝධතාවයක් දියත් කරයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ට එරෙහි බොදු බල සේනා සංවිධානය මාර්තු 11 සවස 2ට නිදහස් චතුරශ්‍රයේ දී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය විමර්ශනය සඳහා පත් කළ කොමිසමේ කොමිෂන් සභා වාර්තා නිර්දේශ සම්බන්ධව බොදු බල සේනා සංවිධානය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව අද ( 08) මාධ්‍යය අමතමිනි.
උන්වහන්සේ ඒ අවස්ථාවේ දී වැඩිදුරටත් මෙසේත් පැවසූහ.
“ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිගමන පිළිබඳ ඇති වී තිබෙන විකෘතිය ගැන මහා නායකය හිමිපාණන්ව වහන්සේලා මුණ ගැසී අප සාකච්චා
කළා. විශේෂයෙන්න අපි අස්ගිරි පාර්ශවයේ මහානායක නා හිමිපාණන්වහන්සේත්, මල්වතු මහා විහාරයේ අනුනායක හිමිපාණානන් වහන්සේත්, අස්ගිරි සංග සභාවේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමිපාණන්වහන්සේත්, මුණ ගැසී ඉල්ලීමක් කළා සෙසු නිකායන්හි මහා නායකම හිමිවරුත් සම්බන්ධ කරගෙන මෙම පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස. “
මේ ප්‍රහාරයෙන් මියගොස් මහා විනාශයට ලක් වුණ් දෙසීය හැත්තෑ ගණක කතෝලික ජනතාවගේ ජීවිත මෙන්ම මේ බෝම්බ ප්‍රහාරයෙන් භෞතිකව වින්දිතයන් වූ හැමට වූ විනාශය සේම විනාශයක් මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවලින් සමස්ථ බෞද්ධ සමාජයට සිදු වී තිබෙනවා.“
ඊට එහෙරෙහිව කොළඹ දී සත්‍ය ග්‍රහයකින් ආරම්භ කරන වැඩ පිළිවෙල දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානෙ රගෙන යනවා. තෛනිකායික මහා සංඝයා දැනුවත් කරනවා. ඉස්ලාම් අන්තවාදයෙන් රට වැටුණු මේ වැටිල්ලම හේතුවක් කරනගෙන සමස්ත සංඝ සමාජය දැනුම්වත් කරලා අවදියෙන් තබලා මේ අන්තවාදටය එරෙහිව කටයුතු කරන්න ගන්නවා.“
“ මේක භයානක අවස්ථාවක්. මූලධර්මවාදී කඳවුරු දෙකක් ගොඩනැගිලා තියනවා. එකක් ක්‍රිස්තියානි මූලධර්මවාදී ඉවැංගිකල් ව්‍යාපාරය, ඇවිත්. අන්තවාදී මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධාන 455ක් මේ භූමියේ වැඩ කරනව. අනෙක් පැත්තේන් ලෝකයේ මිනීමරු අන්තවාදී කල්ලි බිහි කරපු අල්ඛයිඩා, බොකෝහරාම්, තලිබාන් අල් ජිහාද් අල් ෂබාබ් වැනි මරාගෙන මැරනෙ පන්නයේ සන්නද්ධ ක්‍රියාවලියකට යන මතවාද සපයපු තවුහිද් ජමාද්, ජමාතේ මුස්ලිම්, වැනි කල්ලි ක්‍රියාත්මක වෙනව. ඔවුන්ට දේශපාලන රැකවරණය ලැබෙනවා. ජාත්‍යන්තර වශයෙන් සබඳකම් ඇති වෙලා තියනවා. නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන් ගැන නිරදේශ එවන්න කීවාම අවුරුද්ද එකහමාර පරක්කු කරලා තියනවා. මේ අන්තවාදයන් දෙකම එක තැන තියලා පරාජය කරන්න අපි එකාවන්ව එක් සිත්ව වැඩ කරනවා. “ යැයි උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

Exit mobile version