පාස්කු ඉරිදා හෙට – දේවස්ථාන ආරක්ෂාවට 12000ක්

පාස්කු ඉරිදා යෙදෙන හෙට දිනයේ මෙරට සියලුම කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව මේ සඳහා 12,000කට අධික ආරක්ෂක අංශ සාමාජිකයින් නිලධාරීන් සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක්ද නිකුත් කර පොලිස් ස්ථානවලට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විස්තර දක්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් සහ විශේෂ කාර්ය සාධක බලකා සාමාජිකයන් 9365ක් පමණ මේ ආරක්ෂක කටයුතුවලට සහභාගී වන අතර ඊට අමතරව ත්‍රිවිධ හමුදාවෙන්ද 2500කට වැඩ පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීමට කටයුතු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීගමුව, මඩකලපුව සහ හලාවත ප්‍රදේශයේ දේවස්ථාන සඳහා අමතර අරක්ෂාවක් ලබා දිමටද කටයුතු යොදා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හතා සඳහන් කරයි.
2019 අප්‍රියෙල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේ වසරේ මෙරට ප්‍රධාන පෙලේ දේවස්තාන කිහිපයක දේව මෙහෙය අතරතුර ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයට ක් වී මෙම මෙම වසරට වසර දෙකක් සපිරෙයි.

Exit mobile version