පාසල් විවෘතවේ… සියලුම රජයේ සේවකයන් සේවයට කැඳවේ…

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල  අධ්‍යයන කටයුතු අද (03)  සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව  ආරම්භ වේ.

පසුගිය පාසල් වාරය අවසන් කරමින් දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර  ගැනුණි.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස 6ක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් 2021 වසර අවසාන පාසල් නිවාඩුව දින 10කට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී 27ට වැඩි සිසුන් පිරිසක් සිටින පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

Exit mobile version