පාසල් වෑන් ප්‍රවාහන සේවා ගාස්තු වැඩි වේ…

දෙමව්පියන් සමග කතා කරලා සාධාරණ මිල වැඩි කිරීමක් කළා... සංගමය කියයි...

ඉන්ධන මිල දරාගත නොහැකි සේ වැඩි වුවත් නිශ්චිත මිල වැඩිකිරීමකට නොගොස් දෙමව්පියන් සමග සාකච්ඡා කරගෙන එකඟතාවයකට පැමිණීමෙන් පසු දැරිය හැකි සාධාරණ මිල වැඩිවීමක් කරන්නා ලෙස තම සංගමයේ සාමාජිකයන්ට දැනුම් දී ඇතැයි සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. මල්සිරි ද  සිල්වා පවසයි.

“අපි දැන් කොවිඩ් වලින් අවුරුදු දෙක්ක තිස්සෙ බැට කෑවා. යන්තම් වැඩ පටන් ගත්තා විතරයි ලංකාවෙ වාර්තාගත විදිහට ඉන්ධන මිල වැඩි වුණා.

මේ වෙලාවෙ අපි වගේම දෙමව්පියන් අසරණයි. දෙමව්පියන්ගෙ පඩි වැඩි වෙලා නෑ . සමහරුන්ට අතිකාල දීමනා නෑ.  ඒත් දරුවො පාසල් යවා ගන්න ඕන. හරි විදිහට බලනවා නම් සියයට 45ක මිල වැඩිවීමක් සිදුවිය යුතුයි. ඒත් එහෙම මිල වැඩි කළොත් දරුවොන්ට  පාසල් වාහනවල ඉස්කෝලෙ යන්න ලැබෙන්නෙ නෑ. අපට රස්සාව කරන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා තමයි මේ වෙලාවෙ අපි කතා කරලා එකඟතාවයකට එන්න තීන්දු කළේ.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයා කීවේය. තම සංගමයේ සාමාජිකයන් විසි හත්දහසක් පමණ සිටි බවත් පසුගිය වකවානුව තුළ  සාමාජිකයන් පන් දහසක් පමණ මෙම සේවාවෙන් ඉවත් වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

Exit mobile version