පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව සිංහල අවුරුද්දෙන් පසු පවත්වන්න… අධ්‍යාපන ඇමති   දැනුම් දෙයි!

Amidst High Temperatures and Health Concerns

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව පවත්වන්නැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත දන්වා සිටී.

ඔහු පැවසුවේ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අධ්‍යාපන අමාත්‍යාවරයාගේ ඉල්ලීම ප්‍රතිචාර දක්වමින් දිවයින පුරා බොහෝ පාසල් මළල ක්‍රීඩා උත්සව සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම් සහ මළල ක්‍රීඩා උත්සව කල් දමා ඇතැයි වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඇමතිවරයා පැවසුවේ මින් කළින්ද මේ උපදේශය ලබා දුන් නමුත් මාධ්‍යවලින් පෙනෙන ආකාරයට ඊට නිසි ප්‍රතිචාර දක්වා නැති බවය. කරුණාකර ක්‍රීඩා උත්සව කල් දමන ලෙස ඇමතිවරයා පාසල් බලධාරීන් දන්වන බව කීවේය


Exit mobile version