පාලන මිල ඉවත් කළත් අනවශ්‍ය ලෙස මිල ඉහළ යන්න දෙන්නෙ නෑ…

කීර්ති ප්‍රනාන්දු –

පවතින වෙළෙඳපල තත්වය තුළ පාලන මිලක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නැති නිසා සීනි පාලන මිල ඉවත් කිරීමට තීරණය කළත් අනවශ්‍ය ආකාරයෙන් මිල ඉහළ දැමීම පාලනය කිරීමේ යාන්ත්‍රණයෙන් රජය ඉවත්වන්නේ නැති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

යම් හෙයකින්  ලෝක වෙළෙඳපලේ  මිල අඩුවීමක් සිද්ධ වුවහොත් නැවත පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවත් ඔහු කියයි.

සහල් පාලන මිල ඉවත් කළ වහාම වෙළෙඳපලේ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන් ගත් නිසා රජය සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇති බව රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි. ඉදිරි සති දෙක තුළ සහල් මිල පාලනය වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ දැවැන්ත භාණ්ඩ හිඟයක් තියනවා.  ඒ නිසාම සාමාන්‍ය මිල වැඩි වීමටත් වඩා  බඩුමිල වැඩිවීමක් සිද්ධ වෙනවා. භාණ්ඩ හිඟයත් නරකයි. බඩු මිල වැඩි වීමත් නරකයි. භාණ්ඩ සුලබ කිරීමේ වැඩපිළිවෙළක රජය ඉන්නවා.“ ඇමතිවරයා කීවේය.

Exit mobile version