පාර්ලිමේන්තු මහලේකම් ගෙනා විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශන කමිටුව ප්‍රතික්ෂේප කරයි…

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක   විසින් ඉදිරිපත් කරන ලද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව   සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

පාර්ලිමේන්තු මහ ලේකම්  ධම්මික දසනායක   ලබන වසරේ මාර්තු මාසයේදී විශ්‍රාම යන වයස අවුරුදු 60 සම්පූර්ණ කිරීමට නියමිතය.

මීට අමතරව පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ලේකම්, මහලේකම් ධූර වසර 10ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් සහිත ස්ථිර සේවක පිරිසට (විධායක ශ්‍රේණියට) එකතු කිරීමේ තවත් යෝජනාවක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩි කිරීමේ යෝජනාව කැබිනට් අනුමැතියට යටත්ව, සංශෝධනයක් සහිතව වසර 61 දක්වා පමණක් වැඩි කිරීමට පමණක් පිළිගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුල පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක් විය.

Exit mobile version