පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් විස්ස සම්මතයි…

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.

දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමි වූ බව කතානායක වරයා කීවේය. එහෙත පාර්ලිමේන්තුවේ පැමිණීම 213ක් බව ද ප්‍රකාශ විය. එහෙත් කතානායකවරයාට වැරදී තිබිණි. පැමිණීම 221 ක් විය.

පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකෙන් පනත් කෙටුම්පත සම්මත විය.


මෙහිදී සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, සහ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්,  මොහොමඩ් හාරිස් අරවින්ද කුමාර්, ඇතුළු 8 දෙනෙක්  20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය හා අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව තිබිණි.

Exit mobile version