පාර්ලිමේන්තුවට කොරෝනා බෝවෙන්නේ මාධ්‍යවේදීන්ගෙන් පමණක්දැයි මනූෂ අසයි

පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට පමණක් වසා තිබෙන්නේ කොරෝනා සෑදෙන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාදැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

අද දින ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයේදී අදහස් දැක්වූ ඔහු මන්ත්‍රීවරුන්ට නිලධාරීන්ට පොලසියට කොරොනෝ සෑදෙන්නේ නැද්දැයි ද ප්‍රශ්න කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා,


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මාධ්‍ය ගැලරියේ මාධ්‍යවේදීන් නොමැතිව මුදල් ඇමැතිවරයාට තමන්ගේ අය වැය කතාව ඉදිරිපත් කිරිමට සිදු අද දිනයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදයට ගන්නා අවස්ථාව වන විට පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සජීවී විකාශයන් නිසි ආකාරයෙන් මාධ්‍ය වෙත ලබා නොදෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රටට වැදගත් ආන්දෝලනාත්මක හෙළිදරව්කිරීම් කරන විට එයට බාධා කරමින් මන්ත්‍රීවරුන්ට කැමරාව ලබා නොදෙමින් පාර්ලිමේන්තු කටයුතු නිදහසේ වාර්තා කිරීමට ඉඩ ලබා නොදෙන තත්ත්වයක් තුළ තමයි අපිට අද කතා කිරීමට සිදුව තිබෙන්නේ.

ප්‍රේමකීර්ති – රිචඞ්ද සොයිසා ඝාතනවල ඉඳලා රටේ මාධ්‍යවේදීන් බිය ගැන්වූ අඳුරුතම කාල වකවානුවක් තමයි 2005 – 2015 කාල වකවානුව. කාගේ පාලන කාලය වුනත් වැරද්ද නම් වැරදියි තමයි.මේ කාලයේ මාධ්‍ය සිදුවූ තර්ජන හිරිහැර සම්බන්දයෙන් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නෑ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී මාධ්‍ය කර්මාන්තයේ දියුණුව

වෙනුවෙන් අය වැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබෙන්නේ මොනවාද? මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක්. සිව්වැනි ආණ්ඩුව ලෙසින් සැලකෙන ජනමාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන ආකල්පය තමයි එයින් පෙන්නුම් කරන්නේ.

දැන් එකවරම මාධ්‍ය ආයතනවලට ලබාදෙන දැන්වීම් නතර කිරීම සදහා චක්‍රලේඛයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබෙනවා. මම එය සභාගත කරනවා.

දැන් ෆෙස්බුක් පෝස්ට් එකක්වත් දාන්න බෑ. අත්අඩංගුවට ගන්නවා. මේ අය අත්අඩංගුවට ගන්නේ මොන නීතිය යටතේද යි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නානායක්කාර මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Exit mobile version