පාර්ලිමේන්තුවක් ගින්නෙන් විනාශයි

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශාල ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න පාර්ලිමේන්තුව අසල ශාන්ත ජෝර්ජ් ආසන දෙව් මැදුරේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටූටූගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් පැය කිහිපයකට පසව සිදුව ඇත.

ගිනි නිවන භටයින් විසින් මේ වනවිටත් ගින්න පාලනයට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ගොඩනැගිල්ලේ වහලෙන් විශාල ගිනිදැල් පිටවීමත් සමඟ කළු දුමාරයක් අහස වසාගෙන ඇති අතර ගොඩනැගිල්ලට දැඩි හානි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවමත් ගින්නට හේතුව අනාවරණ වී නොමැත.

Exit mobile version