පාතාල මර්දනයට අත්දැකීම් සහිත විශේෂ කණ්ඩායමක්

මෙහෙයුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අතට

රත්මලාන සොයිසාපුර සිදුවූ වෙඩි තැබීමත් සමග පාතල මර්දනය කිරීමට රජයේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.
ඒ අනුව පාතාල මර්දනය කිරීමේ කටයුත්තට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇත.පාතාල මර්දනhට කැපවීමකින් පසුගිය කාලයේ සේවය කර සීසීකඩ විසිරී සිටින නිලධාරීන් කණ්ඩායමකින් එම පාතාල මර්දන පොලිස් කණ්ඩායම ස්ථාපිත කර තිබේ.

එම පාතාල මර්දන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාය. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි හා මෙහෙයුම් අංශයේ ප්‍රධානියා ලෙසද ඔහු කාලයක් සේවය කර තිබේ.  විශේෂ කාර්ය බලකායේ පාතාල මර්දන කටයුතු සක්‍රීයව පැවැතියේ එකලය.

රත්මලා‍නේ වෙඩි තැබීමත් සමග පාතාල මර්දනය කිරීමේ කටයුත්ත කෙරහි ආණ්ඩුවේ විශේෂ අවධානයක් යොමුව ඇත්තේ එම පාතාල කල්ලිය පෝෂණය කරන්නේ දේශපාලනඥයෙක් වන බැවින් හා එම කල්ලිය ඩුබායි සිට ක්‍රියාත්මක කරමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමද මෙහෙයවන බැවිණි. එ‍ෙස් එම කල්ලිය මෙහෙයවන්නේ කුඩු අංජු නැමැත්තාය. ගල්කිස්ස කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පවා ඔහු තර්ජනයක් එල්ලකර ඇති බවද සදහන්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රත්මලාන සොයිසාපුර සිදුවූ වෙඩි තැබීමත් සමග පාතල මර්දනය කිරීමට රජයේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.
ඒ අනුව පාතාල මර්දනය කිරීමේ කටයුත්තට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇත.පාතාල මර්දනhට කැපවීමකින් පසුගිය කාලයේ සේවය කර සීසීකඩ විසිරී සිටින නිලධාරීන් කණ්ඩායමකින් එම පාතාල මර්දන පොලිස් කණ්ඩායම ස්ථාපිත කර තිබේ.

එම පාතාල මර්දන කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාය. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි හා මෙහෙයුම් අංශයේ ප්‍රධානියා ලෙසද ඔහු කාලයක් සේවය කර තිබේ.  විශේෂ කාර්ය බලකායේ පාතාල මර්දන කටයුතු සක්‍රීයව පැවැතියේ එකලය.

රත්මලා‍නේ වෙඩි තැබීමත් සමග පාතාල මර්දනය කිරීමේ කටයුත්ත කෙරහි ආණ්ඩුවේ විශේෂ අවධානයක් යොමුව ඇත්තේ එම පාතාල කල්ලිය පෝෂණය කරන්නේ දේශපාලනඥයෙක් වන බැවින් හා එම කල්ලිය ඩුබායි සිට ක්‍රියාත්මක කරමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමද මෙහෙයවන බැවිණි. එ‍ෙස් එම කල්ලිය මෙහෙයවන්නේ කුඩු අංජු නැමැත්තාය. ගල්කිස්ස කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පවා ඔහු තර්ජනයක් එල්ලකර ඇති බවද සදහන්ය.

Exit mobile version