පාතාලේ පොඩි ලැසීගේ සමීපතමයකු අත්අඩංගුවට

(ලලිත් චාමින්ද)

පාතාල කල්ලිනායකයකු වන පොඩිලැසිගේ සමිපතයකු රිවොල්වර්ගයේ ගිණි අවියක් මිලිමිටර් 09 උණ්ඩ 05ක් හා ජංගම දුරකථන 02ක් සමග අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ දි පෙරේදා (31) අත්අඩංගුවට ගත් බැව් පොලීස් විශේෂ කාර්යබලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරු කේරල ගංජා ජාවාරමේ නිරත ජාවාරම්කරුවකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරු තිස්අට හැවිරිදි වියේ පසුවන අහංගම ගුරුල්ලවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු විසින් මිට වසර 03කට පමණ ඉහතදි පොඩිලැසි නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දි ඇති බව විමර්ශනවල දි අනාවරණය වි ඇත.


එමෙන්ම පොඩිලැසි විසින් මෙකි සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 80ක මුදලක් තැන්පත් කොට ඇති බවට අනාවරණය වි ඇති බවද විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් ඒකකය පවසයි. සැකකරු විසින් ඉන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වැයකොට අහංගම ප්‍රදේශයේ විලා එකක් ඉදිකොට ඇති අතර තවත් ලක්ෂ 30ක මුදලක් බැංකු ගිණුමේ තිබි ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ ලක්ෂ එකහමාරක මුදලක් තිබි ඇත.

බැංකු ගිණුමේ ඇති රුපියල් ලක්ෂ 30ක මුදල ලබාදෙන බවත් තමන් නිදහස් කරණ ලෙස සැකකරුවිසින් විශේෂ කාර්යබලකා නිලධාරින්ගෙන් ඉල්ලිමක් කොට ඇති බවද විශේෂ කාර්යබලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විශේෂකාර්ය බලකායේ අණදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අධ්‍යක්ෂක බුද්ධි රෝහාන් කරුණාරත්න, අධ්‍යක්ෂක බුද්ධි ඩි.පි ඒ කොඩිතුවක්කු යන නිලධාරින්ගේ උපදෙස් මත විශේෂ මෙහෙයුම් ඒකකයේ පො ප මනොහර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩාවමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

Exit mobile version