පාකිස්ථානයේ ලාංකිකයා ඝාතනයට පිරිස පෙළඹවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

පාකිස්ථානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සේවකයින් සහ තවත් පිරිසක් විසින් පෝස්ටරයක් ඉරා දමා දෙවියන්ට අපහාස කළැයි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට වාර්තා පවසයි.

ශ්‍රී ලාංකිකයා ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදා ඇතැයි සඳහන් ය.

ප්‍රියන්ත කුමාර නමැති මෙම ශ්‍රී ලාංකිකයා ක්‍රීඩා නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සියල්කොට් කර්මාන්ත ශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටින්නේ වසර 8කට අධික කාලයක සිට බව පැවසේ.


මෙම සිදුවීම සම්බන්ධ විමර්ශන වහා පවත්වන ලෙස එරට අගමැති ඉම්රාන් ඛාන් නියෝග කර තිබු අතර ඊයේ දිනය පාකිස්ථානය ලැජ්ජාසහගත දිනයක් ලෙස ඔහු ඝාතනය හෙළා දැක තිබුණි.

මෙම ඝාතනය පාකිස්ථානයේ බලධාරීන්, දේශපාලඥයන්, ආගමික නායකයන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

සියල්කොට්හි මෙවැනි සිදුවීමක් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර වසර 11කට පමණ පෙර සිදුවූ සොයුරන් දෙදෙනකු ඝාතනය වී ඇත්තේ පොලිස් නිලධාරීන් බලා සිටියදී බවත් ඔවුන් කිසිදු පියවරක් නොගෙන ඊට සහය දැක්වු බවටත් සමාජ ජාලවල චෝදනා එල්ල වෙමින් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒවායෙහි තවදුරටත් දැක්වුණේ මෙතෙක් ඔවුන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිසි ලෙස යුක්තිය ඉටු නොවූ බවය.

Exit mobile version