පාකිස්ථානයේ දැඩි ඖෂද හිඟයක්

medicine

ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු විවිධ ඖෂධ හිඟය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් පාකිස්තාන වෛද්‍ය සංගමය ඖෂධ නිෂ්පාදකයින් සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රියාවලිය ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව ඩනුක් පුවත්පත වාර්තා කරයි.

අමුද්‍රව්‍ය ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මේවන විට පාකිස්ථානය පුරා උග්‍ර ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බවට රජයට දැනටමත් අනතුරු අඟවා ඇති බව ඉකුත්දා නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන වෛද්‍ය සංගමය පැවසීය.
එහිදී රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා වහාම නිසි පියවර ගන්නා ලෙස පාකිස්තාන වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටි බවද ඩෝන් පුවත්පත වාර්තා කළේය.

වාණිජ බැංකු තම ආනයන සඳහා නව ණයවර ලිපි නිකුත් නොකරන බව පවසමින් ඖෂධ නිෂ්පාදකයින් සෞඛ්‍ය සේවා පද්ධතියේ උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් මූල්‍ය පද්ධතියට දොස් පවරා ඇත.


මේවන විට දැඩි ලෙස පරිහානියට පත්ව ඇති පාකිස්ථාන ආර්ථික අර්බුදය සෞඛ්‍ය සේවා පද්ධතියට දැඩි ලෙස බලපා ඇති අතර අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ සහ වෙනත් ශල්‍ය උපකරණ හිඟයක් මධ්‍යයේ ඖෂධ කර්මාන්තය සිය සැපයුම් නැවත පිරවීමට අරගල කරමින් සිටින බව සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ප්‍රවීනයින් පෙන්වා දී තිබේ.
ඒ අනුව වෛද්‍ය උපකරණ සහ නිර්වින්දන ඖෂධවල දැඩි හිඟයකට මුහුණ දී සිටින ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම සිදු කිරීම නැවැත්වීමට තීරණය කර ඇති බවටද පාකිස්තාන් ට්‍රිබියුන් වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාකිස්ථානයද ශ්‍රී ලංකාවට සමාන ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවින් එරටට අවශ්‍ය ආනයන සිදුකිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

Exit mobile version