ප්‍රවාහන පහසුකම් නෑ… වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ක්ෂේත්‍ර වැඩ අඩාලයි.

Medical research Institute

කොළඹ ජාතික වෛද්‍ය පර්යේෂණායතනයට  අවශ්‍ය තරම් ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ජලභීතිකා , කොවිඩ් ඇතුලු රෝග ගණනාවක ක්ෂේත්‍ර පරික්ෂණ කටයුතු ඇනහිට ඇතැයි පර්යේෂණායතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ආයතනය සතු වාහාන 7ක් පැවතිය අතර ඉන් වාහන 4ක්ම භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පවතින ඒවා බවත් පර්යේෂණ ආයතනයේ සියලුම කටයුතු සඳහා ඇත්තේ වාහන 3ක් පමණක් බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

කොවිඩ් වසංගත පැවති කාලයේදී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාහනයක් ලබා ගත් නමුත් කොවිඩ් වසංගතය අවසන් වී නොමැති පසුබිමක එම වාහනයද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් නැවත ලබාගෙන සෞඛ්‍ය අමාත්‍යංශ භූමියේ ගාල්කර ඇතැයිද සඳහන්වේ.


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති කොවිඩ් පර්යේෂණ රසායනාගාරයේ කටයුතු පරික්ෂා කිරීමට  දිනපතා යා යුතු වුද ඒ සඳහා යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද  එහි ප්‍රකාශකයෙකු පැවසීය.

ඔහු තවදුරටත් සදහන් කළේ  ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් ජලභීතිකා රෝගය අවදානමක් පවතින ප්‍රදේශවල ක්ෂේත්‍ර පරික්ෂාවට හෝ  පර්යේෂණායතනය තුළ රදවා තිබෙන සතුන්ට ආහාර ගෙන ඒම සදහා යාමට හෝ නොහැකි වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින රැස්වීම සඳහා වෛද්‍යවරුන් පිටත් කර හැරීමට, පශ්චාත් වෛද්‍ය  උපාධි ආයතනය වෙත යන වෛද්‍යවරුන්ට යෑමට , ක්ෂේත්‍රයේ ඩෙංගු  නිවාරණ කටයුතු ,පෝෂණ කටයුතු සඳහා නිලධාරීන්ට යාමට  පවා ඇත්තේද ආයතනයේ පවතින වාහන තුන පමණක් යැයිද ඔහු පැවසීය.

 

Exit mobile version