ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර සොය ඖෂධ නියාමන අධිකාරිය මෙහයුම් අරඹයි!

ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර  තොග සොයා  ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් අංශය අද විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.

මෙම වැටලීම් සිදුකළ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖධෂ පරීක්ෂක  අමිත පෙරේරා ප්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් කොළඹ හා ගාල්ල ප්‍රදේශවල ඖෂධ අලෙවිසල්  පරීක්ෂා කිරීමේ දී ප්‍රමිතියෙන් තොර ඔක්සිමීටර  600කට අධික ප්‍රමාණයක් සමග සැක කරුවන් 04ක්  හසුකරගැනීමට සමත් වී ඇත.

කොලඹ, මහරගම, බත්තරමුල්ල,  මාලඹේ ප්‍රදේශවල ඔසුසල්වල  මෙම ඔක්සිමීටර 600 තිබී ඇත.


ඊට අමතරව ගාල්ල, කරාපිටිය, බද්දේගම, හා අම්බලන්ගොඩ ප්‍රදේශවල ඔසුසල් පරීක්ෂා කිරීමේ දී  ද ප්‍රමිතයෙන් තොර ඔක්සිමීටර 252ක් අත්අඩංගුවට ගත් බව ඖෂධ නියාමන අධිකාරිය කීවේය.

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීම සඳහා භාවිත වන ඔක්සිමීටරවල වැරදි දත්ත ලැබීම නිසා ජනතාව ඉතා අවදානම්කාරී තත්වයකට ලක්වන මෙම ඔක්සිමීටර අලෙවි කළ ඖෂධහල් හිමියන්ට නඩු පවරන බවත් අමිත පෙරේරා  ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර

Exit mobile version