ප්‍රමාද පී.සී.ආර් වලින් “පොසිටිව්“ ආසාදිතයන් නිරෝධායනයට යෑම ප්‍රතික්ෂේප කරන්න අරන්…

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –

පී.සී.ආර්  පරීක්ෂණ වාර්තා ප්‍රමාද වී පැමිණීම නිසා කොවිඩ් ආසාදිත පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමේ දී බරපතල විරොධතාවලට මුහුණ දීමට සිදුව ඇතැයි දිවුල පිටිය කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.

දින දහයක් පමණ ප්‍රමාද වූ  පී.සී.ආර්. වාර්තා වලින්  කොවිඩ් ආසාදිත බව තහවුරු වූ රෝගීන් රැගෙන යෑමට පැමිණෙන අවස්ථාවල දී සමහර රෝගීන් නිවාස තුළට වී දොරවල් වසාගෙන මේ ආකාරයට ඉදිරි දින කිහිපයත් ගත කරන බව කියමින් විරෝධතාවයන් ප්‍රකාශ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

“ මෙහෙම සිද්ධි කීපයක් උනා. පොසිටිව් වග අප දැනගත් දිනයේ සිටයි දින 14ක් පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නිරෝධායනය කරන්නෙ. එහෙත් මේ වාර්තාවල ප්‍රතිඵල එනකොට දින 10ක් පහු වෙලා. ඒ වගේ වෙලාවක රෝගීන් සොයා යන විට ඔවුන් කියන්නෙ  පී.සී.ආර්. පරීක්ෂාවෙන් පසු අපි නිවෙස්වල දින 10ක් ගත කරලා තියනවා… තව දින 04යි ඉන්න ඕන. ඒකත් මෙහෙම ම ඉන්නම් කියලා…“


“සමහරු ගෙවල්වල දොරවල් වහගන්නවා. ලයිට් ඔෆ් කරගන්නවා. අපි පොලිසියට කතා කරලා ඉතාම අමාරුමෙන් ඔවුන් සිටින තැන් වලින් එළියට ගන්නේ. සමහර අවස්ථාවල වරු ගණන් ගත වෙනවා. ඔවුන්ව ස්ඵර්ෂ කරන්න බෑ… මේ තත්වය තුළ අපේ රාජකාරිය ඉතාම අසීරු වෙලා තියෙන්නෙ. ප්‍රධානම සමාජ අපවාදය, තර්ජන, එන්නෙ අපිට…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලංකාසරට පැවසීය.

Exit mobile version