ප්‍රථම වතාවට ගුවන් හමුදා නිලධාරිනියකට ‘ගෞරවනීය අසිපත’ සම්මානය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා නිලධාරිනියකට “ගෞරවනීය අසිපත” පිරිනැමේ.

එම ගෞරවය හිමිවූයේ ගුවන් හමුදාවේ නියමු නිලධාරි ආර්. ටී. වීරවර්ධන මහත්මියට ය.

මෙම ‘ගෞරවනීය කඩුව’ පිරිනමනු ලබන්නේ අධ්‍යයන හා වෘත්තීය යන දෙඅංශයෙන්ම ඉහළම ප්‍රතිඵල ලබා ඇති සහ පාඨමාලාව පුරාම හොඳම සමස්ථ කාර්ය සාධනයක් පෙන්නුම් කළ නිලධාරි ශිෂ්‍යභටයාට ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෞරවනීය පියාසර බ්‍රෙවට් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු කාන්තා නිලධාරිනිය බවට නියමු නිලධාරි ඒ.ඩී.පී.එල්. ගුණරත්න්න සහ නියමු නිලධාරී ආර්.ටී. වීරවර්ධන පත්වූ අතර ජනාධිපති වර්ණ ලැබූ සහ පෙළපාළියක් මෙහෙයවූ පළමු කාන්තා නිලධාරිනිය වීමේ ගෞරවය ද නියමු නිලධාරී ආර්.ටී. වීරවර්ධනට හිමි විය.

Exit mobile version