ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරිලා… සීදුව කොවිඩ් රෝගීන් 40ක් ගෙවල්වල

කොවිඩ් ආසාදිත බව තහවුරු වූ රෝගීන් 40 අධික සංඛ්‍යාවක් මේ වනවිට සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිටින බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ හෙළිදරවු කරයි.

මෙම රෝගීන් යොමු කිරීම සඳහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ කඩ නොමැති බව එම ආරංචි මාර්ග පවසයි

පසුගිය 18 දා සිටි කොවිඩ් ආසාදිත බව තහවුරු වූ රෝගීන් පිරිසක් මෙසේ නිවෙස්වල තබන්නට සිදු වී ඇත. ආසාදියන් අතර එකම පවුලේ කීප දෙනා බැගින් වාර්තා වන ස්ථාන ද ඇතැයි සෞඛ්‍ය අංශ දන්වයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ආසාදිත පිරිස අතර සීදුව පොලිසියේ පසුගිය 10දා පැවති පාසල් දරුවන් සඳහා පොත් පත් බෙදා දීමකට එක් වූ මවුරුන් හා දරුවන් කීප දෙනෙක් ද සිටින බව වාර්තා වේ.

 

 

Exit mobile version