ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති හිමියන්ගෙන් වවුනියා රෝහලට අධිබල ශ්වසන යන්ත්‍රයක්…

දිනසේන රතුගමගේ-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා රෝගය හේතුවෙන් ස්වසන තත්ත්වයන් පවත්වා ගෙන යාමට නොහැකි රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා අධි ඔක්සිජන් සාන්ද්‍රනයකින් යුත් ස්වසන යන්ත්‍රයක් ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියන් විසින් 16 දා වවුනියාව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.

මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක මාහිමියන් විසින් කරණ ලද ඉල්ලීමක් අනුව වවුනියාව මහ රෝහලේ අධ්‍යක්ෂක කේ.රාහුලන් වෙත බාර දෙන ලද එම යන්ත්‍රයේ වටිනාකම රුපියල් ලක්ෂ පහලොවක් පමණ වන අතර ඉන් සාමාන්‍ය යන්ත්‍රයකට වඩා හතර ගුණයක ඔක්සිජන් සාන්ද්‍රතාවයකින් යුතුව කෘත්‍රිම ස්වසනය සැපයිය හැකිය.

Exit mobile version