ප්‍රවීණ නළු අමරසිරි කලංසූරිය දිවි රඟමඩලින් සමු ගනී!

ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය මහතා අද උදෑසන අබාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි. අසනීප තත්වයෙන්  කෙටි කලක් රෝහල්ගතව සිට නිවසට පැමිණි ඒ මහතා අද උදෑසන මෙලෙස නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ජනාධිපති සහ සරසවි සම්මාන රැසකින්ද පිදුම් ලැබූ අමරසිරි කලංසූරිය මහතා  මිය යනවිට 83 වැනි වියේ පසුවිය.   කලංසූරිය මහතා  සිනමාවට පිවිසෙන්නේ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙනි.

අනතුරුව අහස් ගව්ව, අක්කර පහ , අපේක්ෂා , පරිත්‍යාගය , තරංගා ,බඹරු ඇවිත්, සාගරයක් මැද , පුජා ආදී චිත්‍රපට  රැසක විශිෂ්ට චරිතාංග නළුවකු ලෙස සිය රංගන ප්‍රතිභාව විදහා පෑ අමරසිරි කලංසූරිය මහතා ඕ.සී.අයි.සී. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍යයේ ද ප්‍රධාන චරිතයට පණ පෙවූ අමරසිරි කලංසූරිය මහතා ප්‍රේක්ෂක ජනාදරයට පත් වුණේ නිහතමානි කලාකරුවෙකු ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ඉපදුණු කලංසූරිය මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. කලංසූරිය මහතාගේඅවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.


Exit mobile version