ප්‍රභූ ගිලන් රථ සේවාවන්ගෙන් ඉවත් වීමත් සමග විවිධ ප්‍රභූ අංශවලින් GMOA එකට නොනැවතී දුරකථන ඇමතුම්…

Including Withdrawal from Elite Ambulance Services

ශ්‍රියානි විජේසිංහ  –    

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස පසුගිය 01 වෙනිදා සිට ප්‍රභූ ගිලන්රථ සේවාවන්ගෙන් වෛද්‍යවරු ඉවත් විමත් සමග  විවිධ ප්‍රභූ අංශවලින් දුරකථන ඇමතුම් ගලා ඒමට පටන් ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

විදෙස් රාජ්‍ය නිලධාරින් මෙරටට පැමිණීම හා මෙරට ප්‍රභූන්ට දුරගමන් සේවාවන්ගේ යෙදීම සඳහා අවශ්‍යවන ගිලන්රථ සේවාවන්ගේ අවශ්‍යතාව තදින්ම දැනුණීමත් සමග මෙම දුරකථන ඇමතුම් ලබා දීම වැඩි වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

ප්‍රභූන්ගෙන් දුරකථන කොතෙක් ලැබුණද තම ඉල්ලීම් ලබා  දෙන තෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් නොහැරීමට   සංගමයේ විධායක සභාව ඒකමතිකව ගත් තීරණය කල බව   හෙතෙම පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඇතැම් දේශපාලන නායකයින් තම බල ප්‍රදේශය තුළ වෛද්‍ය  සායනයන් පැවැත්වීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා සංගමය කිසිදු වෛද්‍යවරයෙක් මේ සඳහා සහභාගි නොවීමද පසුගිය 01 වෙනිදා සිට තීරණය කළ  බවත් වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.

Exit mobile version