පළාත් 09ට ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ළමයින් වෙනුවෙන් ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් මෙරට පළාත් 09ක් තුළ ආරම්භ කිරීමට සූදානම් බව ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සාභාපතිනී සුජාතා අලහපෙරුම පැවසුවාය.

ළමා අපචාර, ළමයින්ට එරෙහිව සිදුකෙරෙන හිංසන, ජනමාධ්‍යයෙහි සහ සමාජ මාධ්‍යයෙහි බලපෑම යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී නියෝජ්‍ය සභාපතිනිය මේ පිළිබඳව කීවාය.

මේ වනවිට බත්තරමුල්ල හා යාපනයේ පමණක් ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් ඇති බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඇය පැවසුවාය.

මහේස්ත්‍රාත් අධිකරණය තුළ ළමා නඩු විසඳීමේ දී ළමයින්ට හා වැඩිහිටියන් ගැටීමට සිදුවීමත්, ළමා නඩු කල්යෑමේ ප්‍රවණතාවයක් පවතින නිසා එම ගැටලුව වැලක්වීමටත් පළාත් 09 තුළම ළමා මහේස්ත්‍රාත් අධිකරණ පිහිටුවීමට රජය යෝජනා කළ බවත් නියෝජ්‍ය සභාපතිනිය පැහැදිලි කළාය.

එසේම ඉකුත් වසරේ ඔක්තොම්බර් මස 02 දින අධිකරණ ඇමති ළමයින් සම්බන්ධව පවතින යල් පැන ගිය නීති සංශෝධනය කිරීම අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙසට ළමාරක්ෂණ අධිකාරියට දැනුම් දුන් බැවින් ඒ අනුව අප රටේ ළමයින් වෙනුවෙන් ඇති නීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපති නීතිඥයන් මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විද්වත් කමිටු 05ක් පිහිටුවා සංශෝධන කෙටුම්පතක් සැකසීම ආරම්භ කර ඇති බව ඇය කීවාය.

Exit mobile version