පළාත් සීම‍ා අතර කාර්යාල සේවකයන් අතරමං කළ දුම්රිය ගොංකම

ලලිත් චාමින්ද –

අන්තර් පලාත් සංචරණ සීමා පනවා තිබේ. මේ සීමාවන්වල ස්වරූපය කුමක් දැයි කවුරුත් විග්‍රහර කර නැත. යම් සහනයක් ලබා දී ඇත්නම් ඒ රාජ්‍ය සේවකයින්ට පමණි. එහෙත් අත්‍යාවශ්‍ය සේවා සඳහා පළාත් අතර යන එන රාජ්‍ය සේවකයින්, පුද්ගලික අංශයේ සේවකයින් ඔවුන්ගේ සේවය සැපයිය යුතුය.

මේ පිළිබඳ තක්සේරුවක් නැතිව මේ වනවිට දුම්රිය සේවය පළාත් අතර ගමන් කිරීම නවත්වා තිබේ. අප මේ කතා කරන්නේ  දිනපතා අති විශාල සේවක පිරිසක් දුම්රියෙන් කොළඹ පැමිණ සේවය කළ දකුණු පළාත පිළිබඳවය.

කාර්යාල දුම්රිය ධාවනය  නොවිම නිසා දකුණු පළාතේ  සිට අත්‍යවශ්‍ය සේවා සඳහා  කොළඹ  නගරයේ කාර්යාලවලට දිනපතා පැමිණෙන කාර්යාල සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. 


ගාල්ල දුම්රිය ස්ථානයේ සිට උදැසන 5.25ට  හා 7.25ට කාර්යාල සේවකයින් සදහා ගාල්ලේ සිට ඉදුරුව දක්වා දුම්රිය දෙකක්  ඊයේ (12) දින ධාවනය කරණු ලැබිය. බෙලිඅත්තේ සිට 5.25 ට ගාලුකුමාරි දුම්රිය ඉදුරුව දක්වා  ධාවනය වු  අතර මගින් සඳහා  මාතර සිට සෑම දුම්රිය ස්ථානයක  දුම්රිය නතර කරණු ලැබිය.   එම දුම්රිය හික්කඩුව අම්බලන්ගොඩ යන දුම්රිය ස්ථානවලද නතර කරනු  ලැබිය. මිට අමතරව බෙලිඅත්තේ සිට   ඊයේ (12) උදෑසන 6.30 ගාල්ල දක්වා මන්දගාමි දුම්රිය ධාවනය කළේය. 

කෙසේවුවද දකුණුකරයේ සිට අගනගරයේ කාර්යාල සඳහා පැමිණෙන අත්‍යවශ්‍ය කාර්යාල සේවකයින්ට දුම්රිය මගින් ගමන් කළහැක්කේ ඉදුරුව දක්වා  පමණි. මෙම කාර්යාල සේවකයින්ට  ඉදුරුවේ සිට  අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා වෙනත්   ප්‍රවාහන පහසුකම් සපයාගෙන ගමන් කිරීමට සිදුවි ඇත. මෙම තත්වය නිසා කාර්යාල සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

පළාත් අතර සංචාරණ සිමා පැනවිම නිසා දුම්රිය ධාවනය වන්නේ ඉදුරුව දක්වා පමණි.  කාර්යාල සේවකයින් සදහා මිට පෙර ධාවනය වු සාගරිකා, සමුදුදේවි හා රුහුණුකුමාරි යන දුම්රිය තුනම  මේ වනවිට   ධාවනය නොවේ. මෙම තත්වය  සැලකිල්ලට ගෙන කාර්යාල සේවකයින් සඳහා   බෙලිඅත්තේ සිට කාර්යාල දුම්රියක්  මරදාන දක්වා ධාවනය කරදෙන ලෙස  කාර්යාල සේවකයින් දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. දුම්රිය මගින් අත්‍යවශ්‍ය සේවා සදහා දිනපතා කොළඹ නගරය බලා යන රෝහල් සේවකයින්,  ආරක්ෂක අංශවල සාමාජිකයින්, පුද්ගලික ආයතනවල සේවකයින් ඇතුළු කාර්යාල සේවකයින් මෙම තත්වය නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාර්යාල සේවකයින් සදහා  කතරගම , අම්බලන්තොට, හම්බන්තොට,තංගල්ල, මාතර,ගාල්ල, අම්බලන්ගොඩ, යන ප්‍රදේශවල සිට  කොළඹ නගරය දක්වා ශ්‍රි ලංගම බස්රථ 08ක් ධාවනයට එක්කොට ඇති බව  ශ්‍රිලංගමයේ රුහුණු ප්‍රාදේශිකයේ  ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු ප්‍රභාත් කුමාර මහතා පවසයි. කාර්යාල සේවකයින්ට උදැසන 8.30ට තම කාර්යාලවලට යාමට හැකිවන පරිදි  මෙකි බස්රථ ධාවනයට එක්කොට ඇති බවද ඒ මහතා පවසයි

 

Exit mobile version